ඇෆ්ගන්ස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට


ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුස් කුනාර් දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

හෘදයාබාදයකින් මියගිය දිස්ත්‍රික් පොලිස් අණදෙන නිලධාරියෙකුගේ අවමංගල උත්සවකට ප්‍රහාරය එල්ල වී ඇත.  

උත්සවයට සහභාගී වී සිටි පිරිස මැදට පැමිණි ප්‍රහාරකයා බෝම්බය පුපුරුවාගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. 

ප්‍රදේශයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය පවසා ඇත්තේ එම ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්දයක් නොමැති බවයි.

පැය කිහිපයකට පෙර කාබුල් නගරයේ බටහිර පිහිටි මාතෘ රෝහලකට තුවක්කුකරුවන් පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින්  04 දෙනකු තුවාල ලැබූහ.

(විදෙස් පුවත් ඇසුරිණි - 085)