ඇෆ්ගනිස්තානයට මහ වැසි


ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, පළාත් 9 ක අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 3කි. තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.

නිවාස 765 ක් විනාශ වී ඇති බව ද වාර්තා වේ.

මහ වැස්සෙන් පීඩාවට පත් වී උන්හිටිතැන් අහිමිවුණු ඇෆ්ගන් වැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය වී ඇතැයි තලේබාන් රජය පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)