තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ ඉන්දියාවත් ඇෆ්ගනිස්තානයත් අතරේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම බිඳ වැටෙනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය වසර 20 ක පමණ කාලයේ බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ ඇෆ්ගන් රජය සහ ඉන්දීය රජය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමින් පැවැතිණි. අවසන් වරට ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූයේ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීය. තලේබාන්වරුන් පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, ඝානී ජනාධිපති ධුරය ද අතහැර රටින් පලා ගියේය.
කාබුල් අගනුවර තලේබාන්වරුන් අතට පත් වෙද්දී, කාබුල් ඉන්දීය තානාපති කාර්යාලය හිස් කිරීමටත්, රාජ්‍ය නියෝජිතයන්, සහන සේවක සේවිකාවන් ඇතුළු සෙසු ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීමටත් ඉන්දීය රජය පියවර ගත්තේය. ඒ විශේෂ ගුවන් යානා යොදවමිනි.
(රොයිටර්)