ඇෆ්ගනිස්තානයේ මාරක අනතුරක්


ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනකු ජිවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.

ධාවනය වෙමින් තිබු මගී බස් රථයක්, යතුරුපැදියක සහ ඉන්ධන බවුසරයක ගැටී පෙරළී ගොස් ගිනි ගැනීමට ලක්වීමෙන් අනතුර සිදුවිය. අනතුරෙන් තවත් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පසුගිය මාස 10 ක කාලයේ ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1600 අධික පිරිසක් මියගොස් තවත් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.