![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_1fab782f90.jpg)
ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක එකවර ඇතිවූ ගැටුම් වලින් අවම වශයෙන් රැඳවියන් 75 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ක්වෙන්කා හි බන්ධනාගාරයක සිරකරුවන් 33 ක් ගුවායාකිල්හි 21 දෙනකු සහ ලතාකුන්ගාහි 08 දෙනකු මෙලෙස ඝාතනය වී තිබේ. තවත් සිරකරුවන් 13 දෙනකු මියගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීහු පසුව තහවුරු කළහ.
පොලිස් නිලධාරීන් කිහිපදෙනකුද තුවාල ලබා ඇති බවට වාර්තා පලවී ඇති නමුත් මියගිය සියල්ලන්ම බන්ධනාගාර රැඳවියන් බව පැවසේ.
මෙය මෑත ඉතිහාසයේ ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ සිදුවූ දරුණුතම සිදුවීමයි.
කැරළි ඇතිවී තිබෙන මෙම බන්ධනාගාර තුනේ ඉක්වදෝරයේ රැඳවියන්ගෙන් 70% ක් සිටින බව බලධාරීහු පවසති.
අඟහරුවාදා ආරම්භ වූ සටන් මේ වනවිට පාලනය කර ඇති බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරොනෝ පැවසීය.
චොනරොස් කල්ලියේ නායක සැම්බ්‍රානෝ පසුගිය දෙසැම්බර් මාසයේ ඝාතනය වීමෙන් පසු බන්ධනාගාරවල තත්ත්වය නොසන්සුන් වූ බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි)
085