ඉතාලි අගමැතිනිය ජෝ බයිඩන් හමුවෙයි


ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය.

මොලෝනී, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ලෙස ඇමෙරිකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ධවල මන්දිරයට ආ අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ජනාධිපති බයිඩන් කටයුතු කළේය.

රුසියන් යුක්රේනය අර්බුදයේ දී ඇමෙරිකාව මෙන්ම ඉතාලිය ද සහාය පළ කරන්නේ යුක්රේනයටය. යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඉතාලි අග්‍රාමාත්‍යවරියට ප්‍රශංසා කළේය.

ඉතාලි අග්‍රාමාත්‍යවරියගේ අන්ත දක්ෂිණාංශික රජය, චීනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරයි. මෙය ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ ප්‍රශංසාවට හේතුවක් විය.