ඉතාලියේ යළිත් කොරෝනා රැල්ලක්


ඉතාලියේ යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ඉතාලියෙන් වාර්තා වූ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 73,212 ක් බව පැවැසෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 202 කි.

2020 වසරේ දී 'කොවිඩ් 19' ලොව ව්‍යාප්ත වෙද්දී, දරුණු ලෙස එහි බලපෑමට හසුවුණු යුරෝපා රාජ්‍යයක් ලෙස ඉතාලිය සැලකෙයි. 2020 වසරේ පෙබරවාරියේ සිට මේ දක්වා ඉතාලියෙන් වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,62,609 කි.

(ඒ.එෆ්.පී.)