ඉතියෝපියාවේ විරෝධතාවකදී 50ක් මරුට


ඉතියෝපියාවේ ඔරෝමියා කලාපයේ ජනප්‍රිය ගායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කළහකාරී තත්ත්වයන් හේතුවෙන් 50 දෙනකු පමණ මියගොස් තිබේ.

බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අය අතර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ වල සාමාජිකයින් ද සිටින බව වාර්තා වී ඇත.

විරෝධතාකරුවන් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද ගිනි තබා තිබිණි.විරෝධතා පවතිද්දී පිපිරීම් තුනක් ද සිදුවී තිබේ.

හාකාලූ හුන්ඩීසා නම් මෙම සංගීතාඥයා සඳුඳා (29) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබූ බව ඉතියෝපියානු පොලිසිය පවසයි.
පසුදා උදෑසන ඔරෝමියා කළාපයේ සහ තවත් නගර කිහිපයක විරෝධතා ආරම්භ විය.

මියගිය සංගීතඥයාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (02) පැවැත්වීමට නියමිතව ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)