ඉන්දීය මධ්‍යම රජය හඳුන්වා දුන්, හමුදාවට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ‘අග්නිපාත්’ නමින් නම් කළ නව වැඩපිළිවෙළට ජනතා විරෝධයක් එල්ල වී තිබේ.
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රචණ්ඩකාරී අයුරින් විරෝධතා පැවැත්වෙන අතර, රාජ්‍ය දේපොළවලට හානි කිරීම් ද වාර්තා වේ.
බිහාර් පාන්තයේ මොහියුන්ඩිනගර් දුම්රිය ස්ථානයට කඩා වැදුණු විරෝධතාකරුවෝ පිරිසක් හජිපූර් බරානුයි දුම්රිය මාර්ගයේ ධාවනය වන ‘ජම්මු තාවී’ ශීඝ්‍රගාමී මගී දුම්රියට පහර දී හානි සිදු කළහ.
‘අග්නිපාත්’ වැඩසටහන හරහා, අවුරුදු 17 ත් 21 ත් වයසේ තරුණ තරුණියන් හමුදවට බඳවා ගැනීම සිදුවන්නේ සිවු වසරක සේවා කාලයක් සඳහා පමණි.
ඉන්පසු එම සොල්දාදුවන් අනිවාර්යයෙන් විශ්‍රාම යැවීම සිදුවෙයි. එසේ විශ්‍රාම යැවෙන බොහෝ දෙනකුට පාරිතෝෂිත දීමා හෝ විශ්‍රාම වැටුපක් හෝ ලැබෙන්නේ නැත. ‘අග්නිපාත්’ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන්නේ ඒ අනුවය.
(එන්.ඩී.ටීවී.)