ඉන්දියාව කෝටි 81.85 කට එන්නත දීලා


ඉන්දියාව මේ වනවිට කෝටි 81.85 දෙනකුට ‘කොවිඩ්-19’ එන්නත ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාව සැප්තැම්බර් 20 වැනි දා පමණක් ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන 96,46,778කි.

මේ අනුව ඉන්දියාව මේ සතියේ අඟහරුවාදා (21) වැනිදා වනවිට එන්නත්කරණයට ලක් කර ඇති සමස්ත ගණන 81,85,13,827 ක් (කෝටි 81.85ක්) වේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වනවිට වයස අවුරුදු 18ත් 44ත් කාණ්ඩයේ 33,12,97,757 දෙනකුගේ ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාවත් 6,26,66,347 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත.

ඉන්දියාව සැප්තැම්බර් 5 වැනිදා වනවිට කෝටි 68කට ‘කොවිඩ්-19’ මාත්‍රා ලබා දී තිබූ අතර සැප්තැම්බර් 10 වැනිදා වනවිට එම ගණන කෝටි 72 ඉක්මවීය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව සෞඛ්‍ය සේවකයන් 1,03,69,386 දෙනකුගේ කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 87,50,107 දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත.

ඊට අමතරව ඉදිරි පෙළ සේවකයන් 1,83,46,016 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 1,45,66,593 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත.

අවුරුදු 45ත් 49ත් අතර කාණ්ඩයේ 15,20,67,152 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 7,00,70,609 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත. වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ 9,74,87,849 දෙනකුට පළමු මාත්‍රාවත් 5,28,92,011 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත.

(රොයිටර්)