දෙරටේ ජනතාවගේ යහපත ගැන සලකා, ඉන්දියාවත් පාකිස්තානයත් සාමකතා සඳහා යොමුවිය යුතු යැයි ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකා රජය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් ය. ඒ, ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවක් අතරතුරේය.
“ඉන්දියාව සමඟ ඇමෙරිකාවේ ශක්තිමත් සම්බන්ධයක් පවතිනවා. පාකිස්තානය සමඟත් එසේ සම්බන්ධයක් පවත්වා ගන්න ඇමෙරිකාව කැමැතියි. එසේ කිරීමට නම්, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ මිත්‍රත්වය වර්ධනය විය යුතුයි” යැයි නෙඞ් ප්‍රයිස් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)