දිනපතා දෙලක්ෂයකට වඩා කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තම රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය ඊයේ තීරණය කර ඇත.
මහා බි‍්‍රතාන්‍යය ඔවුන්ගේ ‘රතු ලැයිස්තුව’ සකසා ඇත්තේ, ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අවදානම් රටවල් හඳුනා ගනිමින් එම රටවල් ඊට ඇතුළත් කරමිනි. එම රතු ලැයිස්තුවට අයත් සෙසු රටවල් අතර මෙක්සිකෝව, බ‍්‍රසීලය ද වෙයි.
මේ වනවිට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුවත්, මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. කොරෝනා මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ‍්‍රසීලයයි.
ආසාදිතයන් අතින් බ‍්‍රසීලය ඇත්තේ තෙවැනි ස්ථානයේය. ඒ, ඉන්දියාවට පසුපසිනි.
ඉන්දියාව ‘රතු ලැයිස්තුවට’ ඇතුළත් කිරීමත් සමඟ ලබන 23 වැනිදා සිට ඉන්දියාවේ සිට බි‍්‍රතාන්‍යයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කිසිවකුට හෝ පසුගිය දින 10 ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ අයකුට හෝ බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැති බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.
කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය හෝ අයර්ලන්ත හෝ විදේශ ගමන් බලපත‍්‍ර හිමි පුද්ගලයන්ට මෙන්ම බි‍්‍රතාන්‍යයේ ජීවත්වීමට අයිතිය ඇති පුද්ගලයන්ට බි‍්‍රතාන්‍යයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැහැදිලි කර ඇත.
(රොයිටර්)