ඉන්දියාව යුරෝපය සමඟ වෙළෙඳ සබඳතා තරකරගනී


යුරෝපා සංගමය සමඟ තව තවත් වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ඉන්දියාව සහ යුරෝපා සංගමය එලෙස වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් වන්නේ වසර 9කට පසුවය. ඒ, වසර 60 ක් තිස්සේ පවතින දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමිනි.

2013 දී විවිධ බාධා හමුවේ බිඳවැටුණු නිදහස් වෙළෙඳ ගිවිසුම යළි ආරම්භ කිරීමට ද ඉන්දියාව උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

‘කොවිඩ් 19’ වසංගතය, ආර්ථික අර්බුද සහ යුක්‍රේන-රුසියා යුද්ධය හේතුවෙන් ලොව රටවල් රැසක් මේ වනවිට විවිධ අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ එවන් පසුබිමක් තුළ ද ඉන්දියාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථිකයකට හිමිකම් කියන බවය.

(රොයිටර්)