ඉන්දියාව-වියට්නාමය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි


ඉන්දියාව සහ වියට්නාමය අතර ඉකුත් දා නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබිණි.

වසර 2030 වනවිට දෙරට අතර ද්විපාර්ශවීය ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

දෙරටේ හමුදා අතර සේවා සැපයුම් පහසුකම් පවත්වාගෙන යෑම සහාය දීම, නඩත්තු, නැවත පිරවීම් සහ සැපයීම යනාදිය සඳහා එකිනෙකාගේ කඳවුරු භාවිත කිරීම යනාදිය ද මෙම නව ගිවිසුමට ඇතුළත් වේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉකුත් සතියේ වියට්නාමයේ සංචාරය කළ අතර එහිදි මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ වියට්නාමයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් පන් වන් සාන්ග් (ෆෑන් වැන් ජියෝන්ග්) අතර පැවැති පුළුල් සහ සාර්ථක සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඉන්දු-ශාන්තිකර කලාපය තුළ චීනයේ ආක්‍රමණශීලී සහ ප්‍රසාරණ (අල්ලාගැනීමේ) හැසිරීම සම්බන්ධයෙන් ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.

(රොයිටර්)