රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන රොස්නේෆ්ට් සමාගම ඉන්දියාවට අලෙවි කරන බොරතෙල් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ගිවිසුමකට එළඹී බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඊගෝර් සෙචින් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවට රුසියාව ලබා දෙන බොරතෙල් සැපයුම ඉහළ නැංවීම සඳහා රොස්නේෆ්ට් තෙල් සමාගම සහ ඉන්දියානු තෙල් සමාගම ගිවිසුමකට එළඹ තිබේ.
කෙසේ නමුත්, රොස්නෙෆ්ට් තෙල් සමාගම ඉන්දියාවට ලබා දෙන බොරතෙල් ප්‍රමාණය කෙතරම් ප්‍රමාණයකින් වැඩි කරනවා දැයි සඳහන් කර නොමැත.
එසේම සමාගම් දෙක සිදු කරන ගෙවීම් දෙරටේ මුදල් ඒකක වලින් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි රුසියානු මාධ්‍ය පෙන්වා දුන්නේය.
(රොයිටර්)