ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි


ඉන්දියාවේ  කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) මිලියන නවය ඉක්මවා ගියේය. අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 45,882 දෙනකු හඳුනාගත් බවත් ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,004,365ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන නවය ඉක්මවා ගිය දෙවැනි රට වන්නේ ඉන්දියාවයි. වයිරස ආසාදිතයන් මිලියන නවය ඉක්මවා ගිය අනෙක් රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. 

ලොව තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉන්දියාව එහි දෙවැනි තැන පසුවෙයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එහි උච්ඡතම අවධියට පැමිණියේ ය.

කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමිකව අඩු වෙමින් තිබේ.

ඉන්දියාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 584 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 132,162ක් දක්වා ඉහළ ගියේය.

රොයිටර්   

055