ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සැමට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල හමුවක් අද (19) පැවැත්විණි. එහිදී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කිරීමට තීරණය කෙරුණි.
එන්නත්කරණ වැඩසටහන මෙසේ පුළුල් කිරීමට තීරණය කෙරුණේ ඉන්දියාවෙන් දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙකකට වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති බැවිනි.
ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. මෙම අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සැමට එන්නත් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන පුළුල් කළේය.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, ලබන මැයි පළමු වැනිදා සිට ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ කරන බවත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් සියල්ල ඒ වෙනුවෙන් යෙදවීමටත් ඉන්දීය මධ්‍යම රජය තීරණය කළේය.
(එන්.ඩී.ටීවී.)