ඉන්දියාවේ අවුරුදු 45 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම, ඊයේ (1) සිට ආරම්භ විය.
ඉන්දියාවේ පූනේ නුවර ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත අපනයනය තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය රජය තීරණය කර ඇත්තේ ද ඉන්දියානුවන්ට එන්නත් ලබා දෙන බැවිනි.
ඉන්දීය රජය, එරට අවුරුදු 45 ට වැඩි සැමට එන්නත් ලබා දීමට තීරණය කළේ එරට දෛනික ආසාදිතයන් දිනෙන් දින වැඩිවීම සැලකිල්ලට ගනිමිනි. ‘
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත අපනයනය තාවකාලිකව නවතා දමා, එන්නත ඉන්දියානුවන්ට ලබා දීම ඒ අනුව සිදුවෙයි.
ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරි 16 වැනිදාය. එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත යොදා ගනිමිනි.
නවදිල්ලියේදීය (රොයිටර්)