ඉන්දියාවේ අමානුෂික ඝාතනයක්


තම දියණියන් දෙදෙනා සහ බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගත් පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් දිස්ත්‍රික්කයේ තේ කඩයක හිමිකරුවෙක් වූ ලක්ෂ්මනන් නැමැති පුද්ගලයෙක් මෙලෙස තම බිරිඳ සහ දියණියන් දෙදෙනා ඝාතනය කර ඇත.

තම වැඩිමහල් දියණිය අඩු කුලයක පිරිමි ළමයෙක් හා විවාහ වීම හේතුවෙන් ලක්ෂ්මනන් මෙලෙස තම දියණියන් දෙදෙනා සහ බිරිඳ ඝාතනය කර සියදිවි හානි කරගෙන ඇතැයි නාගපට්නම් පොලිසිය පවසයි.

ලක්ෂ්මනන් දියණියන් තිදෙනෙකුගේ පියෙකි. තම වැඩිමහල් දියණිය අඩු කුලයක පිරිමි ළමයෙකු සහ විවාහ වී සැමියාගේ නිවසට පිටව ගොස් ඇති අතර ඉන් කෝප වී මෙම අපරාධය සිදු කර ඇතැයි නාගපට්නම් පොලිසිය පවසයි.බාල දියණිය බාල වයස් කාරියක් බව පොලිසිය වැඩි දුරටත් පැවසුවේය.

ඉන්දියාවේ අඩුකුලයක පිරිමි ළමයෙකු සමග හෝ ගැහැණු ළමයෙකු සමග විවාහ වීම සැලකෙන්නේ තම පවුලට සමාජයට මුහුණ දිය නොහැකි ලැජ්ජාවක් වශයෙනි.
වැඩිමහල් දියණිය තම සැමියා සමග ඔහුගේ නිවසේ සතුටින් සිටින බව පොලිසිය පවසයි.

විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)