ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
තම රජයට අවශ්‍ය සහාය ඉන්දීය රජයෙන් නොලැබෙන බැවින්, තානාපති සබඳතා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව අද (1) සිට නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලයේ කටයුතු අවසන් යැයි තලේබාන් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.