ඉන්දියාවේ, උතුරු දෙසින් පිහිටි ත්‍රීපුර, නාගලන්තය සහ මේඝාලය යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල උදෑසන සිට නිකුත් කෙරුණි. මෙම ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වූයේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.
තීපුර සහ නාගලන්ත ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ සමත් විය. මේඝාලය ප්‍රාන්තය ජයග්‍රහණය කළේ ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’ යි.
මීට පෙර පැවැති මැතිවරණවලදී ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’, ‘භාරතීය ජනතා පක්ෂය’ සමඟ සන්ධානගතව සිටියේය. මෙවර ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’ තනිව තරග කරමින් වැඩි ආසන ගණනක් දිනා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)