ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක්


ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මෙද්නගර් නුවර රෝහලක 'කොවිඩ් 19' රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ගින්නක් හටගත් බවත් ඊට හසුවීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ.

ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.

(එන්.ඩී.ටීවී)