ඉන්දියාවේ ගොවි විරෝධතා


නව කෘෂිකාර්මික නීතිරීතිවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීහු දස දහස් ගණනක් ඊයේ (6) විරෝධතාවලට නිරත වූහ.

මෙම විරෝධතා සඳහා ලක්ෂ පහකට ආසන්න ගොවීන් පිරිසක් මෙම උද්ඝෝෂණවලට සහභාගී වූයේ ප්‍රාන්තය පොලිසිය ගණන් බලා තිබිණි. අවම වශයෙන් ගොවීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පනස් දහසක්වත් මෙම උද්ඝෝෂණවලට සහභාගී වන්නට ඇතැයි ප්‍රංශ පුවත් සේවයේ (ඒ.එෆ්.පී.) ඡායාරූප මාධ්‍යවේදියෙක් පැවැසීය.

නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව ඉකුත් නොවැම්බර් මාසයේ දී ඉන්දියාව පුරා ගොවි උද්ඝෝෂණ ආරම්භ විය.

එම උද්ඝෝෂණ මාලාවෙන් පැවැති පසු විශාලතම විරෝධතා රැලිය මෙය යැයි ද වාර්තා වේ.

මෙම නව නීති මඟින් ගොවීන්ට කලින්ට වඩා වැඩි නිදහසක් ලැබෙන බව ඉන්දීය රජය පෙන්වාදෙයි.

කෙසේ නමුත් මෙම නව නීති හේතුවෙන් ගොවීන් මහ පරිමාණ සමාගම්වලට ගොදුරු බවට පත්වන බව විරුද්ධ පක්ෂ සහ ඉන්දියාවේ ගොවි සංවිධානය අවධාරණය කරයි.

මෙම ගොවි විරෝධතා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මුසාෆානගර් නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ඉන්දීය ගොවීන් දින ගණනාවකට සිට බස් රථ සහ ට්‍රැක්ටර් රථවලින් නගරයට පැමිණ ඇත.

මේ හේතුවෙන් නගරය තුළ විශාල ආරක්ෂක මෙහෙයුමක් ද සිදු කර ඇත.

මුසාෆානගර් සහ ඒ ආසන්න නගරවල ආරක්ෂාව පොලිස් නිලධාරීන් දහස් ගණනක් යොදවා තිබිණි.

මුසාෆානගර් සහ ඒ අවට නගරවල මාර්ග සියල්ල විරෝධතාකරුවන්ගෙන් පුරවන බව ද මෙම උද්ඝෝෂණවලට නායකත්වය දෙන ගොවි සංගම් නායකයෝ ප්‍රකාශ කළහ.

(බී.බී.සී.)