ඉන්දියාවේ දෛනික කොරෝනා වයිරස ආසාදිතයන් අද (12) දිනයේ 1,69,000 පසු කළ බව එරට සෞඛ්‍ය අංශ කියයි.
දෛනික ආසාදිතයන් ගණන 1,69,000 පසු කරද්දී, ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන කෝටි 1.35 පසු කළේය. ඒ අනුව, ආසාදිතයන් අතින් ඉන්දියාව ලොව දෙවැනි ස්ථානයට පත් විය.
මේ වනතුරු ඉන්දියාව ආසාදිතයන් අතින් තෙවැනි ස්ථානයේ පසුවිය. ඒ ඇමෙරිකාවටත් බ්‍රසීලයටත් පසුපසිනි. කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාව ඇත්තේ ඇමෙරිකාවට පසුපසිනි.
ඉන්දියාවෙන් එක් දිනක් තුළ ආසාදිතයන් 1,69,000 ක් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙය යැයි ද පැවැසෙයි.ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවේ කොරෝනා මරණ 904 ක් වාර්තා වූ අතර, සමස්ත මරණ 1,70,179 පසු කළේය.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයෙනි.
ගතවුණු පැය 24 ඇතුළත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 63,294 කි. ගතවුණු පැය 24 ඇතුළත මරණ 349 ක් වාර්තා විය.
(රොයිටර්)