ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් තවමත් ලක්ෂය පසු කරන බව එරට සෞඛ්‍ය අංශ කියයි.
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,15,736 කි.
ඉන්දියාවේ මෙසේ ‘කොවිඩ් 19’ ආසාදියන් පළමු වරට ලක්ෂය පසු කිරීමට පටන් ගත්තේ පසුගිය 6 වැනිදා සිටය.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.
ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද මධ්‍යම රජය පියවරගෙන ඇත. බොලිවුඩ් නළු නිළියෝ බොහෝ දෙනෙක් ද මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් බවට පත් වී සිටිති.
නවදිල්ලියේදීය (රොයිටර්)