ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ අවසන්


ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පුඩුචෙරි යන ප්‍රාන්තවල අදියර කීපයක් යටතේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණ සියල්ල අද (29) අවසන් විය.

අවසානයට පැවැත්වූයේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයයි. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය අදියර 8 ක් යටතේ පැවැත්විණි. ‌බෙංගාල මැතිවරණය ආරම්භ වූයේ පසුගිය මාර්තු 27 වැනිදාය.

මැතිවරණ සියල්ලේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන මැයි දෙවැනිදා සිදුවනු ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජයග්‍රහණය සමරා ජන රැලි පැවැත්වීමෙන් වළකින්නැයි ඉන්දීය මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. ඒ, දිනෙන් දින උත්සන්න වන කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමිනි.‍‍‍‍‍‍

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)