ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා


ඉන්දියාවේ වයඹදෙසින් පිහිටි මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක් වාර්තා වේ. ඒ ග්‍රෝතික කණ්ඩායම් දෙකක් අතර වාර්ගික ගැටුම් ඇවිලීමත් සමඟය.

ප්‍රාන්ත බලධාරින් ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනයට පොලිසිය පමණක් නොව හමුදාව ද යොදවා ඇති අතර ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වෙයි.

කලහකාරිව හැසිරුණු වැසියන් පොලිස් ස්ථානවලට කඩා වැදී පහර දෙමින්, ගිනිඅවි සහ පතුරම් රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි.

ගැටුම් උත්සන්න වි ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේ චුරාචන්ද්‍රපූර් දිස්ත්‍රික්කයේය. ගැටුම් හේතුවෙන් මියගිය ගණන 54 කි.

(අල් ජසීරා)