ඉන්දියාවේ විකෘති කොරෝනා ප්‍රභේදය ප්‍රංශයේ


ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගත් 'බී1.617' කොරෝනා විකෘති වයිරස ප්‍රභේදය ප්‍රංශයට පැතිර ගොස් ඇතැයි තහවුරු වී තිබේ.

ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ ලක්ෂ 3 පසු කරමින් වාර්තා වීමට පටන්ගත්තේ මෙම විකෘති වයිරසය හේතුවෙනි. ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ඉන්දීය විකෘතිය ඉන්දියාවේ සිට පැමිණි අයකුගෙන් ප්‍රංශයට පැමිණි බවය.

(බීබීසී)