ඉන්දියාවේ හමුදා කඳවුරක වෙඩි තැබීමක්


ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බතිණ්ඩා හමුදා කඳවුරේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අලුයම 4.35 ට පමණ යැයි ඉන්දීය හමුදාව පවසා තිබේ.

වහා කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගැණුනි. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් හමුදා සෙබළුන් සිවුදෙනකු බරපතල තුවාල ලැබූ බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)