මේ වනවිට තෙවැනි 'කොවිඩ් 19' රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවේ, දෛනිකව 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යමින් පවතින බව රට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ආසාදිතයන් ඉහළ යෑමට හේතුව 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය යැයි ද පැවැසෙයි.
ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීමට ඉන්දීය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර, එම නව මාර්ගෝපදේශ අනිද්දා (11) සිට ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව, පූර්ණ එන්නත්කරණයකට ලක් වී, පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණවලින් සමත් වී, ඉන්දියාවට පැමිණෙන සියලු දෙනා පවා දින 7 ක් නිරෝධායනයට ලක් වීම අනිවාර්ය වෙයි.
මේ අතර, ගතවුණු පැය 24 කාලයේ ඉන්දියාවෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 4,83,463 කි. ඒ අනුව සමස්ත ආසාදිතයනක් ගණන මිලියන 35.37 පසු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 285 කි.
ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ, එරට ප්‍රධාන 'කොවිඩ් 19' විකෘතිය ලෙස සැලකෙන 'ඩෙල්ටා' විකෘතිය අභිබවා යමින් 'ඔමික්‍රෝන්' ප්‍රධාන විකෘතිය බවට පත් වෙමින් තිබෙන බවය. 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය, 'ඩෙල්ටා' ව්‍යාප්තියට වඩා ඉතාමත් වේගවත්ය. ව්‍යාප්තිය වේගවත් වුවත් 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නැතැයි ද පැවැසෙයි.
මේ අතර හෙට (10) සිට ඉන්දියානුවන්ට ‘කොවිඩ් 19’ තෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ වෙයි. මෙය ඉන්දියානුවන්ට ලැබෙන 'බූස්ටර්' එන්නතය. ඉන්දියානුවන්ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රධාන වශයෙන් ලබා දී ඇත්තේ 'කොවිෂීල්ඩ්' සහ සියයට 100 ක් ඉන්දියාවේ නිෂ්පාදිත 'කොවැක්සින්' යන එන්නත්ය. 'කොවිෂීල්ඩ්' යනු ඉන්දියාවේ නිෂ්පාදනය කරන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය.
(එන්.ඩී.ටීවී)