ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ


ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙන අතර, විශ්වමිත්‍ර නදිය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවිය.

එසේ පිටාර ගැලූ ජලය සමඟ නදියේ ජීවත් වන කිඹුලන් ගම්මානවල නිවෙස්වලට රිංගා ගත් අතර, උන් අල්ලා ඉවත් කිරීමට ගම්වාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.

ගුජරාඨ වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, මහත් ආයාසයකින් අල්ලා ගත් කිඹුලන් යතුරු පැදිවලින් රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පළ වී ඇත.

(එන්.ඩී.ටීවී.)