ඉන්දීය කොරෝනා විකෘතිය රටවල් 50 කට පැතිරිලා


ඉන්දියාවෙන් හඳුනාගත් නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ඉන්දියාවෙන් හඳුනාගත් ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය බී.1.617 යනුවෙන් නම් කර තිබේ.

ඉන්දියාවේ දෛනිකව වයිරස ආසාදිතයන් තුන් ලක්ෂය ඉක්මවා වාර්තා වීමටත් වයිරස ආසාදිත මරණ තුන් දහස ඉක්මවා වාර්තා වීමටත් මෙම ප්‍රභේදය හේතුවක් වී ඇතැයි වාර්තා වේ.

“ද වොෂින්ටන් පෝස්ට්”