ඉන්දීය නළුවෙක් අත්අඩංගු​වේ


ඉන්දියාවේ ජනප්‍රිව නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට හේතුව වී ඇත්තේ, ඔහු 2020 වසරේ ප්‍රසිද්ධියට පත් කළ අපහාසාත්මක ට්විටර් පණිවුඩයක් ​හේතුවෙනි.

අභාවප්‍රාප්ත ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී එම අපහාසාත්මක ප්‍රකාශ සිදු කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ මුම්බායි ගුවන්තොටුපොළේදී යැයි ද පැවැසෙයි.

පොලිසිය පවසා ඇත්තේ රෂීඩ් ඛාන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවය.

(එන්.ඩී.ටීවී.)