ඉන්දීය මහ මැතිවරණය: සිවුවැනි අදිරය ඇරැඹේ


අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර අද (13) ආරම්භ වෙයි. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙයි. ඒ, ප්‍රාන්ත නවයක සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්‍රදේශයකය.

සමස්ත මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ නියෝජිතයන් 543 දෙනකු තෝරා ගැනීමේ අරමුණින්ය. ඉන්දීය මහ මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම ප්‍රාජතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙසය. මැතිවරණය ආරම්භ වූයේ අප්‍රේල් 19 වැනිදාය. ජූනි පළමු වැනිදා මැතිවරණ කටයුතු අවසන් වන අතර එසැණින් ඡන්දය ගණන් කිරීම සිදුවෙයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි හතර වැනිදා සිදුවනු ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ, ප්‍රජානත්ත්‍රවාදී සන්ධානයෙනි. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2014 වසරේ සිටය. මෙම මහ මැතිවරණයේදී මිලියන 969 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. 

(ඒ.එෆ්.පී.)