ඉන්දු කාශ්මීරයේ අවි ගැටුම්


ජම්මු - කාශ්මීර ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් අතර අවි ගැටුම් පවතී.

එම ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය දේශසීමා ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි වාර්තා වේ. තවත් බොහෝ දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.

වනාන්තර ප්‍රදේශයක ගැටුම් ක්‍රියාත්මක වන අතර, පහර දෙන එම ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බව ද වාර්තා වේ. ඔවුන් උපක්‍රමශීලී ලෙස සැඟ ව සිට පහර දීම් කරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.