ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරුණු බව ද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනි කන්දෙන් නැගුණු දුම්වලා මැලේසියාව තෙක් විහිදී ගිය බවය. ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ ඒ අවට වැසියන් දහස් ගණනක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)