ඉම්රාන් අනතුරු අඟවයි


චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත.

පාකිස්තාන රජය, එරට අධිකරණයේ, ස්වාධීනත්වය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජයට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්යීමට තමන් කටයුතු කරන බව ඉම්රාන් අනතුරු අඟවමින් පවසා තිබේ.

පාකිස්තාන හමුදාව එක් දේශපාලන පක්ෂයකට හෝ හමුදා ප්‍රධානියාට පමණක් නොව මුළු ජාතියටම අයත් බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් පැහැදිලි කර ඇත.