ඉම්රාන් මොස්කව් යයි


පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත් විය. පාකිස්තාන නායකයකු වසර 23 කට පසු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

අගමැති ඉම්රාන්ගේ දෙදින රුසියා නිල සංචාරය පිළිබඳ විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කෙරූ අතර රුසියානු අගමැති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවක් මත මෙම දෙදින නිල සංචාරය සිදු කරන බවත් මෙම නිල සංචාරයට අගමැති ඉම්රාන් සමග ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද සහභාගී වන බවත්  ප්‍රකාශ කළේය.

අගමැති ඉම්රාන්ගේ සංචාරයේදී රුසියාව සහ පකිස්ථානයේ ද්විපාර්ශවික සම්බඳතා ශක්තිමත් කරගැනීමටත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්යෝන්‍ය සහයෝගීතාවය දියුණු කරගැනීමත් අරමුණ බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

රුසියාව පකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කිරීමට උනන්දුවක් දක්වන බවද පකිස්තාන බලධාරීන් පැවසීය.

(රොයිටර්)