ඉම්රාන්ගේ පක්ෂයට අතුරු මැතිවරණ ජයක්


පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය ජයග්‍රහණය කළේය.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ් ප්‍රාන්තයේ ආසන 20 වෙනුවෙනි.

එයින් ආසන 15 ක් දිනා ගැනීමට ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය සමත් විය. ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයට අභියෝගයක් එල්ල වූයේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ පාකිස්තානය මුස්ලිම් ලීගය එන් පක්ෂයෙනි.

(රොයිටර්)