ඉම්රාන්ට නඩු 12 කින් ඇප


දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12 කට අදාළව ඇප නියම වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේ වුවත්,  චෝදනා කිහිපයකට වරදකරු වී සිටින බැවින්, ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවුනු ඇතැයි ද පැවැසෙයි.

ඉම්රාන් ට අමතරව, ඉම්රාන්ගේ රජයේ සිටි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂිගේ ද චෝදනා 13 ක් සම්බන්ධයෙන් ඇප නියම වුණු බව පැවැසෙයි.

පසුගිය 8 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. කිසිදු පක්ෂයකට බමුතරය නොමැති වුවත්, වැඩි ඡන්ද දිනා ගනිමින් ඉදිරියෙන් පසුවන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි.

(එන්.ඩී.ටීවී.)