ඉරාකයේ පිහිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන සහ හමුදා බැරැක්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල වූයේ ඉරාක හමුදා අද (5) ප්‍රකාශ කළේය.
මෙවැනිම ප්‍රහාරයක් එල්ල වීමට ඉරාක ආරක්ෂක අංශ පසුගිය සතියේදී සමත් විය. ඒ ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි.
ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය, රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඇතුළු මර්මස්ථාන පිහිටි කලාපය ‘ග්‍රීන් සෝන්’ යනුවෙන් හැඳින්වේ. එම කලාපයට එක් රොකට් ප්‍රහාරයක් එල්ල වූයේ යැයි ද ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය.
‘‘එය නිවසක් අසළට වැටුණා. එයින් නිවසට හානි වුණා. දරුවකුත් තුවාල ලැබුවා’’ යැයි එහි සඳහන් විණි.
‘‘තවත් රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. එය සාර්ථකව මැඬ පැවැත්වීමට හැකියාව ලැබුණා’’ යැයි ද ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය. බැග්ඩෑඩ් අගනුවරට උතුරු දෙසින් පිහිටි ටජි කඳවුරට එම රොකට් ප්‍රහාරය එල්ල වී තිබිණි. ඇමෙරිකානු හමුදා සහ ඒකාබද්ධ හමුඳා රැඳී සිටින්නේ මෙම කඳවුරේ ය.
ඒ.එෆ්.පී.
055
055