ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට


උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි.

ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හටගත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. එම අවස්ථාවේ, මංගල උත්සවයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් සිටි බව පැවැසෙයි.

තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී ඇත.