ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්විණි.
මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ මෙම හමුව පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ, පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.
එම අමානුෂික ප්‍රහාර වහා නැවැත්වීම සහ කලාපයේ සාමය තහවුරු කිරීම වැදගත් බව ඉරාන ජනාධිපතිවරයාගේත් තුර්කි ජනාධිපතිවරයාගේත් ඒකමතික තීරණය විය.