ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි.
ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බාර් අහ්මදියාන්, ඉරාන ආරක්ෂක අංශ ප්‍රධානීන් ද පිරිවරාගෙන රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ගොසි සිටී.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ එම අවස්ථාවේදීය. රුසියාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීම කළේ රුසියන් ආරක්ෂක අංශ ප්‍රධානී නිකෝලායි පර්ටුෂේව්ය.
ඉරානයත් රුසියාවත් අතරේ යහපත් සබඳතා පවතී. එම සබඳතා දිනෙන් දින ශක්තිමත් වී ඇත්තේ, ඇමෙරිකාව ඉරානයට මෙන්ම රුසියාවට ද පනවා ඇති සම්බාධක නිසාය.
ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ විරසකයක් පවතී. එය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුර දිග ගියහොත්, ඉරානයේ සහායට සිටින ලෝක බලවතකු වන්නේ ද රුසියාවය. එහෙයින්, ඉරානය සහ රුසියාව අතරේ ඇති කර ගනු ලැබූ මෙම අවබෝධතා ගිවිසුම ඉතා වැදගත් යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)