ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත.
පසුගිය සති අන්තයේ ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ද පහර දෙන බව ඇමෙරිකාවට දැනුම් දෙමිනි. කෙසේ නමුත් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් සමථයකට පත් කර ගන්නැයි ඇමෙරිකාව ඊශ්‍රායලයටත්, ඉරානයටත් දන්වා ඇත.
(එන්.ඩී.ටීවී.)