ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
එම කටයුත්තේ දී තමන්ට එක්සත් ජතීන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මස්ක් වැඩි දුරටත් පවසා තිබේ.
ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ කර ඇත්තේ, හමාස් සටන්කාමීන් සොයා දිගින් දිගටම ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විදුලිය, දුරකථන සහ අන්තර්ජාල අවහිර කිරීම් ද සිදුවී තිබේ. සන්නිවේදන කටයුතු බිද වැටී ඇති බැවින්, ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇතැයි ද පැවැසෙයි.