ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් හමුවීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
හමාස් ත්‍රස්තවාදීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී කළ පහරදීම්වලින් සිදුවුණු හානිය දැකබලා ගැනීමට ද ඉලොන් මස්ක් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.
ඉලොන් මස්ක් ඔහුට අයත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් ලැබෙන ආදායමෙන් කොටසක් ගාසා තීරයේ රතු අඩකව සංවිධානයට ලබා දී ඇත. ඒ, පලස්තීන සිවිල් වැසියන් වෙනුවෙනි.