කොවිඩ් 19 වසංගතය උපරිම අවදානම් තත්ත්වයකට පැමිණ ඇති බැවින් රට අක්‍රිය කර තිබිම පිළිබඳ ඉවසීම නැති කර නොගන්නා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
වයිරසය ආසාදනය සුවවිමෙන් පසු පළමුවරට රජකාරි ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇත.
හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ දැනට පවතින අක්‍රීය තත්ත්වය ඉක්මනින් ලිහිල් නොකරන බවය.
මේ අතර නවසිලන්තය තුළ කොරෝනා වෛරසය සමාජයීය වශයෙන් නතර කිරිමට හැකිවු බව එරට අග්‍රාමාත්‍යවරිය වන ජෙසින්ඩා ආර්ඩ්න් පවසයි.
දින කිහිපයක සිට එරටින් තනි සංඛ්‍යාවක ආසාදිතයන් පිරිසක් පමණක් වාර්තා වී තිබුණි.
මේ අතර ලොව පුරා ආසාදිතයිනගේ සංඛ්‍යාව තිස්ලක්ෂ 61, 970ක් වන අතර පුද්ගලයන් දෙලක්ෂ 11, 431 දෙනෙකු මියගොස් තිබේ.
(125)