ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු නිව්යෝක් නුවර මැන්හැටන් හි පැවැත්විණි.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප් සහ ඉවානාගේ දරු දැරියන් වන ඉවන්කා, ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) සහ එරික් ට්‍රම්ප් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමග අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
ඉවානා මියගියේ, තරප්පු පෙළකින් ඇද වැටී ලැබූ තුවාල හේතුවෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.
73 හැවිරිදි ඉවානාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර නිව්යෝක් නුවර වෛද්‍ය පරීක්ෂක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මරණයට හේතුව පපුවට සිදුවුණු තැලීම් තුවාල බවය.
ඉවානා ජීවත් වූයේ නිව්යෝක් නුවර මහල් නිවාසයකය. ඇය ඇද වැටී ඇත්තේ ද එම නිවාසයේ තරප්පු පෙළින් යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
(ඩේලිමේල්)