ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයට ගොස්, එහි රැඳී සිටින ඊශ්‍රායල හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට සටන් වදින බවත්, ඊශ්‍රායලයට හරස් වීමට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය.
මේ වනවිට ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ සිවු දින තාවකාලික සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (24) සිටය. සටන් විරාමයකට යෑම සිදුවූයේ දෙපාර්ශ්වය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුවය.